Friday, January 24, 2014

RMV එකට ගිහින් වැඩේ කර ගැනීම

විශේෂ ස්තුතිය - chathurakalugal- උපුටා ගැනීමකි..........




අලුතෙන් වාහනයක් ගන්න , පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න වගේ වැඩවලට අපිට යන්න වෙන්නේ නාරාහේන්පිට තියෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට .

හැබැයි කවුරුත් දන්නවා එතනට ගිහින් ලේසියෙන් වැඩක් කරගන්න නම් බැරිබව , ඒ තරමට දුෂිත වෙච්ච තැනක්.

ඒත් අපිට ගියාම අපේ වැඩේ ඉක්මනට කර ගන්න පුළුවන් , ඕන කරන documents ටික හරියට ගෙනිච්චම .

මුලින්ම කියන්නම් අලුතෙන් වහනය් ගන්න කෙනෙක්ට තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගන්න විදිය.

මේකට අවශ්‍ය මුලික දේවල්,

1. වාහනය මිලදී ගත් ආයතනය විසින් නිකුත් කළ බිල්පත.
2.වාහනයේ රේගු සහතික
3. නිවැරදි ලෙස පුරවාගත් අයදුම්පත
මෙතැනදී බිල්පත නිකුත් කරපු කෙනාගේ නනමයි , මේ අයදුම්පතේ නමයි දෙකම සමාන වෙන්න ඕන,

නැත්නම් ඉතින් කාක්කෙක් ගේ පිහිට තමයි.
ඒකට 1000 ක් විතර වැඩිපුර යනවනේ.

තව ඕන නම් තමන්ගේ ෆොටෝ දෙකතුනක් JP කෙනෙකුට හරි හාමුදුරු කෙනෙකුට හරි කියල සහතික කරගෙන යන්න,
සමහර වෙලාවට එත ඉන්න උන් ඕව ඉල්ලනවා, එවගේමයි මොනවා හරි අඩු නම් application එක විසි කරන්න තමයි බලන්නේ.

එනිසා හැමදේම අරන් යන එක හොඳයි.

RMV එකේ කැන්ටින් එකේ ඉන්නවා අංකල්ලා සෙට් එකක්, ඒ අයට රු 100 ක් දුන්නම reject නොවෙන විදියට පුරවල දෙනවා.
ඒ රු 100 නම් දුන්නට පාඩු නැ.

දෙවනියට කියන්නේ පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න විදිය.

මෙතැනදී
1. නිසි පරිදි පුරවන ලද Transfer note

Transfer note එකක කොළ හයක් තියෙනවා , ඒ හම කොලයකම පරණ අයිතිකරු ගේ අත්සන ඩ ගන්න,
2. සහතික කළ photo දෙකක්.
3. සහතික කළ ID copy 1 ක්
4.වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි කොපියක්.
5.වාහනයේ පරණ පොත.

මේ ටික හරියට නැති උනොත් අවුල, එනිසා හරියට ඕන දේවල් අරන් යන්න ...

මොනවා හරි තව විස්තර ඕන නම් PM කරන්න.


0 ප්‍රතිචාර:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates