Tuesday, July 31, 2018

Football

$chid

Friday, January 24, 2014

Copy කිරීමට තිත

විශේෂ ස්තුතිය - upulcla - උපුටා ගැනීමකි..........



අද කියලා දෙන්නෙ කොපි කරන්න බැරි සිස්ටම් එකක් 
(ඇත්තටම මෙකෙන් කොපි කරන්න ඇහැකි ඒත් කරාට වැඩක් නැ ඔපෙන් කරගන්න බැ) 

එහෙනම් ඉස්සෙල්ලම බාගෙන ඉන්නකො

Download

හරි බාගත්තා නෙ දැං 

බාගත්ත ෆයිල් එක zip කරපු එකක් 

හරි එහෙනම් zip එක අරින්නකො  (extract කරන්න)
හා කෝ හරිද?

එහෙනම් පෙනෙවි ෆයිල් 3ක්
(License,setup,Installation Instructions)
ඔන්න ඔය 3 තමයි තියෙන්නෙ 

පුංචි තැනෙ ඉදන් පටං ගන්නම් 

හරි එහෙනම් දැන් ඉන්ස්ටෝල් කරමු..

1.setup කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.
ඩබල් ක්ලික් කරාම එනවා welcome screen එක ඒක next කරන්න

2.ඊට පස්සෙ එන්නෙ license Agreement එක එකත් next කරන්න
ඊලගට එන එකත් next කරන්න.

3.Desktop එකට icon එකක් ඕනෙ නම් ටික් එක දාගන්නකො
එහෙම දාලා ආයෙ ඔබන්න next

(දැනට next කියන එක 4 පාරක් එබුනා ඔන්න )

4. 3 වෙනි step එකෙදි එන next එබුවම එන්නෙ Install කරන්නද කියන අහන එක
හරි නෙ දැන්
ඔබන්නකො Install කියන එක.
(සුට්ටි වෙලාවයි යන්නෙ install වෙන්න)


5. අහ් ඔන්න දැන් අහනවා finish කරන්නද කියලා ( එපෝ :O)
finsh ඔබන්න කලින් අර ටික් එක අයින් කරන්න Lunch Copy protected කියන එක.
හරි එහෙම ටික් එක අයින් කරානම් දැන් ඔබන්න finish බටන් එක.

6.දැන් අපහු යමු අපි බාගනිපු ෆයිල් තියෙන තැනට.
එතනට ගියාම තියෙනෙ License කියලා ෆොල්ඩර් එකක් අන්න එකෙ ඇතුලෙ ඇති
License කියලා දම් පාට icon එකක්
අන්න එ දම් පාට මෙව්වා එක ඔපෙන් කරන්න (ඩබල් ක්ලික්)

එහෙම ඔපෙන් කරාම එන්නෙ
මෙන්න මෙ වගෙ එකක් (Done,The programme was registered successfully)



ඔය උඩ රූපෙ තියෙන්නෙත් එකම තමා.
(හරි දැං ඕක Ok කරන්නකො)


දැං තමයි ගැජට් එකෙන් වැඩක් ගන්න හදන්නෙ
(ඔපෙන් කරගන්නකො සොෆ්ට්වෙයාර් එක)

ඔන්න බලන්න ඔපෙන් කරාම පේන විදිය.


හරි නෙද? මෙතනට වෙනකම් අවුලක් නැ නෙ  එහෙනම් යමු ඊලග කොටසට


ඔන්න දැං කොපි ප්‍රොටෙක්ට් කරන්න හදන්නෙ
(මං උදාහරනයකට ගන්නෙ mp3 ෆයිල් එකක්)

හරි එහෙමනම් සොෆ්ට් එක ඔපෙන් කරන් නෙ ඉන්නෙ කස්ටිය?
7.එහෙමනම් ඔබන්නකො Start කියන එක (ඔය ලස්සන කොල පාටකින් තියෙන්නෙ)

start කියන එක එබුවම එන්නෙ ෆයිල් ඇඩ් කරන්න තියෙන වින්ඩො එක.
මෙන්න මෙ වගෙ..



8.මම තෝර ගත්තෙ mp3 එකක් නිසා මම ඔබන්නෙ add files කියන එක
(ෆොල්ඩෙර් එකක් තෝර ගත්තනම් add folder ඔබන්න හොදෙ)

එහෙම එබුවම එනවා අපෙ ෆයිල් එක තෝරන්න.
එහෙනම් තොර ගන්නකො 
මෙන්න එහෙම තොරන කොට එන විදිය.


දැන් ඔනෙ එක ඔබලා open කරගන්න (නැතිනම් ඕනෙ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න)
දැං අපි තොරගත්තු ෆයිල් එක Copy protect සොෆ්ට් එකෙ පෙන්වනවා.

9.ඔය කොටසත් හරිනම් අපි යමු ඊලග කොටසට.
(ඔබන්නකො next කියන එක) ඔව් ඔව් එකත් කොල පාට බටන් එකක්

දැන් ආයෙත් එනවා වින්ඩො එකක් පොඩි විස්තර ටිකක් තියෙන්නෙ 
[IMG]www.trickslanka.com/2011/04/copy.html[/IMG]

මෙ තියෙන්නෙ ඒක 

හරි දැං ඔය වින්ඩො එකත් next කරන්නකෝ

10.ඔන්න දැන් එන්නෙ වැදගත් එකක්
දැන් ඇවිත් තියෙන වින්ඩො එකෙන් තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක save වෙන තැන තොරන්නෙ
(මෙම කොටස ඉතා වැදගත් වෙනවා)

එහෙනම් browse කියන එක ඔබලා ඔයාලා කැමති තැනක් දෙන්නකො
(ඔනෙ නම් CD එකකට උනත් ඇහැකි) Empty CD එකක් දාලා එ drive එක තොරන්න

ඔන්න මං දෙන්නෙ desktop එක මගෙ මැචිමෙ
මෙ තියෙන්නෙ එහෙම තෝරන විදිය..


(save කරන තැනක් අනිවා දෙන්නම ඕනෙ  )
එහෙම තැනක් තොරලා දුන්නම next කියන බටන් එක කොලපාට පාටින් පාට වෙනවා

11.දැන් ඉතිං next කලා නම් එනවා මෙන්න මෙ වගෙ window එකක්



දැන් ටිකක් වෙලා ඉන්නකො ( please wait කියලා තියෙන එකෙ)

12. ඔන්න එනවා මෙහෙම එකක්. සක්සස්ෆුලි වින්ඩො එක (ඔය පහල තියෙන්නෙ)
[IMGhttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBA8bVxuJbYuJYKRy20ksYu7hMVcOqeWIvXS1zuVOIq5zDUC6lsXQ8NPIx7xfSNVO02BjIV58H2TB0IMN96BnKdx-VPs4An_KezjrnZWXlfR0IjUicSN0fv_9rmHxtJTXeJhpoFtA30c0v/s1600/8.successfully.JPG][/IMG]

13. හම්මෙ එහෙනම් ඔබන්නකො finish බටන් එක.

හරි එහෙනම් වැඩ ටික හරි නෙ,

දැං යමුකො අපි save වෙන්න් දුන්න තැනට (මගෙ නම් desktop)
තියෙනෙවා නේද අමුතු ෆයිල් එකක් දම් පාටට හුරු..
අන්න ඒක තමයි අපි ප්‍රොටෙක්ට් කරපු ෆයිල් එක...

අයියෝ ඔච්චරද 
(සමහරු අහවි)

නැ නැ ඔන්න අහගන්නකො හොදම හරිය.

දැන් ඔය ප්‍රොටෙක්ට් කරපු එ කියන්නෙ දැං අපි save කරගත්තු ෆයිල් එක වෙන තැනකට කොපි කරලා
ඔපෙන් කරන්න බලන්න 

උදා:- මම save කරෙ ඩෙස්ක්ටොප් එකෙ නෙ මතකනෙ, මම එ ෆයිල් එකෙ කොපියක් අරගෙන
ගිහින් පේස්ට් කරනවා My Documents වල..

දැං ඔන්න මං ඕපෙන් කරනවා.. :O හැපො මෙන්න එන විදිය..
[IMG]www.trickslanka.com/2011/04/copy.html[/IMG]


ඔන්න තෙරෙනවා නේද මෙකෙන් තියෙන වටිනා කම..
කොහොමද CD එකකට රයිට් කරා නම් ( පට්ටයි නෙ )

වාසි :- තමන්ගෙ නිර්මාන වෙන කෙනෙක්ට දීමෙදි ඉතා වැඩගත් වෙයි
අවාසී :- මෙමගින් ප්‍රොටෙක්ට් කිරිමට පුලුවන් සීමීත ෆයිල් වර්ග කිහිපයකි
(ෆයිල් වර්ග ගැන සොෆ්ට්වෙයාර් එක ඔපෙන් කරාම බලා ගන්න පුලුවන්.
දෙන්න බලන්න අදහස් ටික ඔයාලගේ ......තව..දන්නවනේ...

චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!


විශේෂ ස්තුතිය - upulcla - උපුටා ගැනීමකි..........





ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.


• CAM / CAMrip
– මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ‍ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.


• TELESYNC (TS)
– තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න.

• TELECINE (TC)
– සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.

• SCREENER (SCR)
– චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox).

• DVD-SCREENER (DVDscr)
– කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.

• VHSRip
– ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ.

• TVRip
– මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.

• Asian Silvers / PDVDrip
– ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.

• WORKPRINT (WP)
– චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙ‍ම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.

• DVDRip
– මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි.

• BRRip
- මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා.

RMV එකට ගිහින් වැඩේ කර ගැනීම

විශේෂ ස්තුතිය - chathurakalugal- උපුටා ගැනීමකි..........




අලුතෙන් වාහනයක් ගන්න , පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න වගේ වැඩවලට අපිට යන්න වෙන්නේ නාරාහේන්පිට තියෙන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට .

හැබැයි කවුරුත් දන්නවා එතනට ගිහින් ලේසියෙන් වැඩක් කරගන්න නම් බැරිබව , ඒ තරමට දුෂිත වෙච්ච තැනක්.

ඒත් අපිට ගියාම අපේ වැඩේ ඉක්මනට කර ගන්න පුළුවන් , ඕන කරන documents ටික හරියට ගෙනිච්චම .

මුලින්ම කියන්නම් අලුතෙන් වහනය් ගන්න කෙනෙක්ට තමන්ගේ වාහනේ ලියාපදිංචි කරගන්න විදිය.

මේකට අවශ්‍ය මුලික දේවල්,

1. වාහනය මිලදී ගත් ආයතනය විසින් නිකුත් කළ බිල්පත.
2.වාහනයේ රේගු සහතික
3. නිවැරදි ලෙස පුරවාගත් අයදුම්පත
මෙතැනදී බිල්පත නිකුත් කරපු කෙනාගේ නනමයි , මේ අයදුම්පතේ නමයි දෙකම සමාන වෙන්න ඕන,

නැත්නම් ඉතින් කාක්කෙක් ගේ පිහිට තමයි.
ඒකට 1000 ක් විතර වැඩිපුර යනවනේ.

තව ඕන නම් තමන්ගේ ෆොටෝ දෙකතුනක් JP කෙනෙකුට හරි හාමුදුරු කෙනෙකුට හරි කියල සහතික කරගෙන යන්න,
සමහර වෙලාවට එත ඉන්න උන් ඕව ඉල්ලනවා, එවගේමයි මොනවා හරි අඩු නම් application එක විසි කරන්න තමයි බලන්නේ.

එනිසා හැමදේම අරන් යන එක හොඳයි.

RMV එකේ කැන්ටින් එකේ ඉන්නවා අංකල්ලා සෙට් එකක්, ඒ අයට රු 100 ක් දුන්නම reject නොවෙන විදියට පුරවල දෙනවා.
ඒ රු 100 නම් දුන්නට පාඩු නැ.

දෙවනියට කියන්නේ පරණ වාහනයක් තමන්ගේ නමට හරවා ගන්න විදිය.

මෙතැනදී
1. නිසි පරිදි පුරවන ලද Transfer note

Transfer note එකක කොළ හයක් තියෙනවා , ඒ හම කොලයකම පරණ අයිතිකරු ගේ අත්සන ඩ ගන්න,
2. සහතික කළ photo දෙකක්.
3. සහතික කළ ID copy 1 ක්
4.වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි කොපියක්.
5.වාහනයේ පරණ පොත.

මේ ටික හරියට නැති උනොත් අවුල, එනිසා හරියට ඕන දේවල් අරන් යන්න ...

මොනවා හරි තව විස්තර ඕන නම් PM කරන්න.


නෙත සිත පිනවන මනහර කඩදාසි කුරුලු කලාව

විශේෂ ස්තුතිය -  HondaMPLG - උපුටා ගැනීමකි.........


ඉතා මනස්කාන්ත ලෙස දිස්වන මෙම නානා වර්ණැති පක්ෂීන් හැබෑවටම ජීවත් වන්නන් නොවන බව කිව හැක්කේ කාටද,? ඒ තරමටම තාත්වික ලෙසත්, සියුම් හා සංකීර්ණ නිමාවකින් යුතුව නිර්මාණය කෙරී ඇති මෙම වර්ණවත් පක්ෂීන් විසිහය හැවිරිදි කලා ශිල්පිනියක වන ඩයනා බෙල්ටුන් හෙරාරාගේ විචිත්‍ර නිර්මාණයන් අතුරින් කීපයකි. වර්ණවත් ප්‍රංශ කඩදාසි, සිලිකන් මැලියම්, කම්බි, ඇලවුම් පටි, දියසායම්, තීන්ත හා කතුරු වැනි මෙවලම් හා ද්‍රව්‍ය රාශියක් උපයෝගි කර ගනිමින් නිමැවෙන මෙවැනි එක් පක්ෂියෙකු නිර්මාණය කිරීමට ඩයනාට සති කීපයක කාලයක් ගතවන බව පැවැසීම පුදුමයට කරුණක් නොවේ.


වර්ණවත් කඩදාසි ඇසුරෙන් නිර්මාණය කිරීමේ කලාවට ඩයනා අවතීර්ණ වන ලද්දේ ඇය ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලපරිච්ජේදයකට මුහුණ දී සිටි සමයේදී එකී ගැටලුවලින් ගොඩ ඒම සඳහාය. මේ සඳහා අවශ්‍ය කරන කඩදාසි සිය නිවසෙන්ම සපයා ගැනීමට හැකි වීම ඇයට විශාල පහසුවක්ද වී තිබිණි. කෙසේ වුවද කොලොම්බියානු ජාතික ඩයනා හෙරාරා ස්වභාවධර්මයේ හා පරිසරයේ සුන්දර ඉසව් සිය නිර්මාණ ඔස්සේ පිළිබිඹු
කිරීමට පෙළඹෙන ලද්දේ ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර නියැළුණු සංචාරයකින් පසුවය. තමා තුළ පරිසරය කෙරෙහි වන ඇල්ම ඇය හරිහැටි අවබෝධ කරගෙන ඇත්තේද මෙම සංචාරයේදී වන අතර එම ස්වභාවදහමේ එක් සුන්දරතම ජීවී කාණ්ඩයක් වන පක්ෂීන් වර්ණ කඩදාසියෙන් නිර්මාණය කිරීමට ඇයට මුල්වරට පෙළඹවීමක් ලැබෙන ලද්දේ මෙම සංචාරයේදීය.

සොබාදහමට ගරු කිරීමත් අගය කිරීමත් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන ඩයනාගේ විශ්වාසය නම් කලාව මගින්ද එම අරමුණු ඉටු කරගැනීමේ හැකියාව ඇති බවය. සිය කලාත්මක නිර්මාණ සඳහා අන් කිසිවක් නොව කඩදාසිම යොදා ගැනීමට ඩයනා පෙළඹී ඇත්තේ ඒවා සුලබව ලබා ගත හැකි අමුද්‍රව්‍යයක් වන නිසාය. එබඳු සුලබව ඇති ද්‍රව්‍යයන් යොදා ගනිමින් නිර්මාණ කලාවේ විවිධ අත්හදාබැලීම් සිදුකිරීම් ඩයනාගේ ප්‍රියතම විනෝදාංශයකි. ඉදිරියේදී බ්‍රිස්ටල් නුවර පිහිටි විශ්වවිද්‍යාලයකට ඇතුළු වී දැව හා පිඟන් මැටි මූර්ති කලාව පිළිබඳව හැදෑරීමටද ඩයනා බලා‍පොරොත්තු වෙන් සිටියද ඇගේ මූලිකම අභිප්‍රාය නම් කඩදාසි නිර්මාණ කලාව හැකි ඉහළම තලයකට ගෙන යාම බව පැවැසේ.
































Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates