
විශේෂ ස්තුතිය - HondaMPLG - උපුටා ගැනීමකි.........ඉතා මනස්කාන්ත ලෙස දිස්වන මෙම නානා වර්ණැති පක්ෂීන් හැබෑවටම ජීවත් වන්නන් නොවන බව කිව හැක්කේ කාටද,? ඒ තරමටම තාත්වික ලෙසත්, සියුම් හා සංකීර්ණ නිමාවකින් යුතුව නිර්මාණය කෙරී ඇති මෙම වර්ණවත් පක්ෂීන් විසිහය හැවිරිදි කලා ශිල්පිනියක වන ඩයනා බෙල්ටුන් හෙරාරාගේ විචිත්‍ර නිර්මාණයන් අතුරින් කීපයකි. වර්ණවත් ප්‍රංශ කඩදාසි, සිලිකන් මැලියම්, කම්බි, ඇලවුම් පටි, දියසායම්, තීන්ත හා කතුරු වැනි මෙවලම් හා ද්‍රව්‍ය රාශියක් උපයෝගි කර ගනිමින් නිමැවෙන මෙවැනි එක් පක්ෂියෙකු නිර්මාණය කිරීමට ඩයනාට සති කීපයක කාලයක් ගතවන බව පැවැසීම පුදුමයට කරුණක් නොවේ.වර්ණවත් කඩදාසි ඇසුරෙන් නිර්මාණය කිරීමේ කලාවට ඩයනා අවතීර්ණ වන ලද්දේ ඇය ආර්ථිකමය වශයෙන් දුෂ්කර කාලපරිච්ජේදයකට මුහුණ දී සිටි සමයේදී එකී ගැටලුවලින් ගොඩ ඒම සඳහාය. මේ සඳහා අවශ්‍ය...