Friday, October 25, 2013

ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න - Short Lesson



ටොරන්ට් කියන්නේ ෆිල්ම් , සොෆ්ට්වෙයාර් , සෝංග්ස් වගේ ගොඩාක් දේවල් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් පොඩි පොඩි අයිටම්ස් ජාලයක්

මුලින්ම ටොරන්ට් බාන්න නම් ක්ලයන්ට් එකක් ඔනි
එව්වා ගොඩක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා කැමති එකක් බාගෙන වැඩේට බහින්නකෝ


01. සයිට් එකට ගියහම මේ වගෙ එකක් තියෙනවා ක්ලික් කරලා ක්ලයන්ට් එක බා ගන්න




පස්සේ ඕක ඉන්ස්ටෝල් කරහම මේ වගේ ඇති..........



ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.....

ඊට පස්සේ කරන්න ඔනේ මෙන්න මේ සයිට් එකට යන එක

ඊට පස්සේ පියවරෙන් පියවර පින්තූර ටිකේ තියෙන විදිහට කරන්න
වැඩේ අමාරු නෑ........


















මෙන්න මේ විදිහට කරහම ක්ලයන්ට් එකෙන් ඩවුන්ලෝ වෙන්න පටන් ගන්නවා...

 

එහෙනම් අයෙත් තවත් මේ වගේ පාඩමකින් සෙට් වෙමු...

- ජය ජය - 

Tuesday, October 22, 2013

!! අංකල්ගේ කොලම | Uncle's column !!: අනේ බං චේ

!! අංකල්ගේ කොලම | Uncle's column !!: අනේ බං චේ: ගමට වෙලා කාලා ඇඳලා ඉන්න බැරුව, සපාන් එකේ යුද්ධ කරලා දිනපු එකේ ඉන්නේ නැතුව, කියුබාවෙ   දෙන්න ගෙහුං බොලිවියාවේ මැරුම් කළා ගෙවී ගියත්... ...

Thursday, February 21, 2013

ඇමරිකානු නිදහස් සටනේ ජීව රුධිරය - කල්පර් රහස් ඔත්තු කවය










කල්පර් රහස් ඔත්තු කවය(Culper Spy Ring) යනු ඇමරිකානු නිදහස් සටනේ(American Revolutionary War) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ රහස් ඔත්තු සංවිධානයකි.ඇමෙරිකාවේ ඒ වන විට බ්‍රිතාන්‍ය පාලන පෙදෙස් වලට ඇතුල් වී තොරතුරු එක් රැස් කිරීම මොවුන්ගේ ප්‍රධානම කාර්යය විය.

1776 වසර වන විට බ්‍රිතාන්‍ය හමුදා විසින් නිව්යොර්ක් නුවර(New York) සම්පූර්ණයෙන්ම වාගේ අත් පත් කොට ගෙන තිබිණි. මෙම නගරය යළි ලබා ගැනීමට කල මෙහෙයුම් වලදී 1776 වසර මැද භාගය වන විට මහද්වීපික හමුදා(Continental Army) ඔත්තු කරුවකු වූ නේතන් හේල්(Nathan Hale) බ්‍රිතාන්‍ය හමුදා විසින් අල්ලා ගෙන නඩු විභාගයකින් තොරවම එල්ලා මරණ ලදි. හේල් ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගන්නේ ඒ නිසාත් ඔහු මිය යන්නට පෙර සඳහන් කල අවසන් වචන කීපය නිසාත්ය. "මාගේ එකම පසුතැවීම වන්නේ මාගේ රට වෙනුවෙන් මට දිය හැක්කේ එක් ජීවිතයක් පමණක් වීමය" ("I only regret that I have but one life to give for my country"). මෙම මරණය මහද්වීපික හමුදාව සඳහා ඔත්තු බැලූ ඔත්තුකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කරන ලදි. මේ නිසා මහද්වීපික හමුදා ප්‍රධානී ජෙනරාල්ජෝර්ජ් වොශිංටන්(George Washington) මහද්වීපික හමුදා වෙනුවෙන් ස්ථිර වූ රහස් ඔත්තු සේවයක් ආරම්භ කිරීමට ඔහුගේ විශ්වාසනීයම නිලධාරියකු වූ මේජර් බෙන්ජමින් ටැල්මේජ්(Benjamin Tallmadge) හට බාර දෙන ලදි. මේ ආකාරයට කල්පර් රහස් ඔත්තු කවය ආරම්භ වූ අතර ටැල්මේජ් මෙම රහස් ඔත්තු කවයට මුලින්ම ඔහුගේ විශ්වසවන්තම පුද්ගලයන් දෙදෙනෙකු වූ ඒබ්‍රහම් වුඩ්හල්(Abraham Woodhull) හා රොබට් ටවුන්සෙන්ඩ්(Robert Townsend) බඳවා ගන්නා ලදි. මෙම රහස් ඔත්තු කවය කොයිතරම් රහසි ගත වූවාද කිව හොත් කවයේ සමජිකයන් අනෙක් සාමාජිකයන් කවරෙක් ද යන්න දැන සිටියේ නැත. අඩුම තරමේ වොශිංටන් පවා දැන සිටියේ රහස් ඔත්තු කවයේ සමාජිකයින් අතලොස්සක් පමණි. කල්පර් රහස් ඔත්තු කවය තම සාමජිකයින් හඳුනා ගැනීම සඳහා සංකේත නාම හා සංකේත අංක භාවිතා කරන ලද අතර වුඩ් හල් ගේ සංකේත නාමය Samuel Culper Sr. ද, ටවුන්සෙන්ඩ් ගේ සංකේත නාමය Samuel Culper Jr. ද, වොශිංටන් ගේ සංකේත අංකය 711 ද විය. 



කල්පර් රහස් ඔත්තු කවයේ දැනට හඳුනා ගත් කේත නාම


කල්පර් රහස් ඔත්තු කවය මුළු මනින්ම පාහේ සමන්විත වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙනි. මේ නිසා ඔවුන්ට පහසුවෙන් බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වලට ඇතුල් වීමට හැකියාව ලැබිණි. මොවුන් පණිවුඩ හුවමරු කර ගන්නා ලද්දේ අදෘශ්‍යමාන තීන්ත(Invisible Ink) වලින් සකස් කල ලිපි, කලින් සැලසුම් කරගන්නා ලද ස්ථාන(Dead Drops) සහ පුවත්පත් වල සංකේත සටහන් කිරීමෙනි. මේ කාර්යය සඳහා මෑන්හැටන්(Manhattan) නගරයේ Rivington's Gazette පුවත් පත කල ජේම්ස් රිවිංටන්(James Rivington) විශාල මෙහෙයක් ඉටු කරන ලදි. මොවුන් එක් රැස් කරගන්නා ලද තොරතුරු ජෙනරාල් වොශිංටන් හට යොමු කලේ ඉතාමත් රහසි ගත ආකාරයකටය.

ටවුන්සෙන්ඩ් නිව්යොර්ක් නගරයේ සැරිසරා එක් රැස් කර ගන්නා ලද තොරතුරු Setauket හි සුරාසැලක් පවත්වා ගෙන ගිය ඔස්ටින් රෝ(Austin Roe) හට ගෙනැවිත් දෙන අතර ඔහු එය වුඩ්හල් ගේ ගොවිපළ ට ගෙනැවිත් දෙන්නේය. වුඩ්හල් ගේ අසල්වාසියකු වූ ඇනා ස්මිත්(Anna Smith) වුඩ්හල් හට Long Island Sound මෝයේ බ්‍රිතාන්‍ය සහ බ්‍රිතාන්‍ය පක්ෂපාතී නාවුක කටයුතු වලට එරෙහිව Whale Boats මෙහෙයවමින් සිටි කාලෙබ් බ්රූස්ටර්(Caleb Brewster) පැමිණෙන ස්ථානය දැනුම් දෙන්නීය. ඇය ඇයගේ රෙදි වැලෙහි කළු පැහැ යට ගවුමක් එල්ලා තබා බ්රූස්ටර්ගේ පැමිණීම සංඥා කරන අතර එකේ සිට හය දක්වා වු ලේන්සු ප්‍රමාණයක් එල්ලීමෙන් ඔහු පැමිණෙනේ කිනම් වරායට දැයි සනිටුහන් කරයි. පසුව වුඩ්හල් එම සංඥා වලට අනුව බ්රූස්ටර් හමුවී ඔහු සතු තොරතුරු ලබා දෙන අතර බ්රූස්ටර්Long Island Sound මෝය හරහාෆෙයාර්ෆීල්ඩ්,කනෙක්ටිකට්(Fairfield, Connecticut) වෙත තම Whaleboat එක පැද ගොස් ටැල්මේජ් ගේ නියෝජිතයන්ට ලබා දෙන අතර ඔවුන් ඒවා ෆෙයාර්ෆීල්ඩ් හි සිටි ටැල්මේජ් හට ලබා දෙයි. පසුව ඔහු ඒවා පරීක්ෂා කර වොශිංටන් හට බාර දෙයි.


පණිවුඩ හුවමාරු වූ අන්දම

කල්පර් රහස් ඔත්තු කවයේ විශාලතම ජයග්‍රහණය වූයේ හඩ්සන් නදියේ බටහිර තුඩුව(West Point, Hudson River) පාවා දීමෙන් බේරා ගැනීමයි. හඩ්සන් නදියේ බටහිර තුඩුව ඉතා සුවිශේෂී ස්ථානයකි. මන්ද බ්‍රිතාන්‍ය හමුදා ඒ වන විට පාලනය කලේ හඩ්සන් නදියේ එක් ප්‍රදේශයක් පමණි. ඔවුන් බටහිර තුඩුව අල්ලා ගත හොත් ඔවුනට මුළු හඩ්සන් නදියම අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේය. මෙම තුඩුවේ පාලනය රැඳී තිබුනේ මහද්වීපික හමුදා නිලධාරී මේජර් බෙනඩික් ආනල්ඩ්(Benedict Arnold) යටතේය. ඔහුට මහද්වීපික හමුදා විසින් වසර 7කින් ඔහුට නියමිත වේතනය ගෙවා තිබුනේ නැත. මේ හේතුවෙන් මහද්වීපික හමුදා සමඟ උරණ වූ ආනල්ඩ් රන් පවුම් 20,000 කට බටහිර තුඩුව බ්‍රිතාන්‍ය හමුදාවට යටත් කර දීමට බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශ නායක මේජර් ජෝන් ආන්ඩ්‍රේ(John Andre) සමඟ ලිපි හුව මාරු කර ගන්නා ලදි. නමුත් ආනල්ඩ් නොදත් කරුණ වූයේ කල්පර් රහස් ඔත්තු කවය අවුරුදු එක හමාරක පමණ කාලයක සිට ඔහු පිළිබඳව ඒ වනවිටත් ඇස ගසා ගෙන සිටින බවයි. මේජර් ආන්ඩ්‍රේ හට පෙම්වතියන් කීප දෙනෙකුම සිටි අතර එයින් එක් අයෙක් කල්පර් රහස් ඔත්තුකාරියක් විය. ඇයගේ සංකේත නාමය "The Lady" වූ අතර ඇයගේ සංකේත අංකය 355 විය.මැයගේ සත්‍ය නාමය අදටද හෙලි කරගෙන නොමැත. මේජර් ආන්ඩ්‍රේ සමඟ තිබූ හිතවත් කම නිසා ඇයට ලෙහෙසියෙන් ආන්ඩ්‍රේ ගේ නිවසට ඇතුළු වීමේ අවස්ථාව තිබිණි. මෙම අවකාශය නිසා ඇය ආනල්ඩ් හා ආන්ඩ්‍රේ අතර ලිපි හුවමාරුව සොයා ගත් අතර ඒ හේතුවෙන් කල්පර් රහස් ඔත්තු කවයට මේජර් ආන්ඩ්‍රේ කොටු කර ගැනීමට හැකිවිය. නමුත් මේ පිළිබඳව ඉව වැටුණු ආනල්ඩ් වහාම නිව්යෝර්ක් නගරයට පළා යන ලදි.


ක්ලින්ටන් බලකොටුව, බටහිර තුඩුව, හඩ්සන් නදිය

කල්පර් රහස් ඔත්තු කවයේ තවත් එක් ජයග්‍රහණයක් නම් 1780 වසරේ මහද්වීපික හමුදා සහයට එක් වූ ප්‍රංශ යුධ ප්‍රහාරක නවුකා විනාශ කිරීමේ බ්‍රිතාන්‍යයේ සැලසුම් එළි කර ගැනීමයි. කල්පර් ප්‍රධානී ටැල්මේජ් බ්‍රිතාන්‍ය හමුදා අතරට ජෝර්ජ් වොශිංටන් නිව් යෝර්ක් නගරය අත් පත් කර ගැනීමට ප්‍රහාරයක් එල්ල කරනවා යැයි වැරදි පණිවුඩයක් යැවූ අතර බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් මේ හේතුවෙන් කලබල වී විසිරී ගොස් සිටි සියලු හමුදා සේනාංක නිව් යෝර්ක් නගරයට කැඳවන ලදි. මේ නිසා ප්‍රංශ නවුකා කිසිදු කරදරයකින් තොරව රෝඩ් අයිලන්ඩ්ස්(Rhode Islands) වෙත ලඟා විය. මෙම ජයග්‍රහණය නොවෙන්නට ප්‍රංශ නවුකා සියල්ල විනාශ වීමට ඉඩ තිබූ අතර මහද්වීපික හමුදා නිදහස් සටන පරාජය වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි
]

එලකිරි වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි........

Monday, January 14, 2013

Tips for your Studies

"Practice with as many past papers as possible. If you don't know the answer, look for it your textbooks and notes." When you need to study any topic, manage your time as follows: (a) have enough time to read the topic (b) give yourself time to understand what your read (c) make time to revise what you read. "To do well in every exam, the most important thing is to study regularly. It's not hard to do well if you study regularly, but you must remember to (1) not do anything entertaining within 30 minutes from starting to study; (2) read problems intensively; (3) note down any problems you have while reading; (4) fill sheets of paper with things you often forget and read these before the exam." "Before you start studying, eat, drink, and clear your mind from everything in this world that is not connected to your studying. Focus on your future goal, sit in a well lighted room ALONE, and always take a break after every 30 minutes of studying. Within the break, drink water, and if necessary take a 15 minute nap to clear your mind. Do not do any physical activities because all your blood will be concentrated on giving oxygen to your muscles instead of your brain. Always read the text as if it is talking to you." "When your studying. Turn your cell phone off, so you can be just studying and not texting." "Listen to what the other students say in class. Most of the questions they ask are my questions to. Sometimes they make a point in a way that is easier for me to understand than when the teacher does it." "All courses are not the same. You have to adjust your studying to the type of course. Studying for calculus is not the same as studying for world history. Studying for chem is different from both. Also, professors teach differently. Try to find out what they expect and do it that way. Flexibility - that's the key to success."

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates